තාල ගැන කෙටි විමසීමක්
- අපි මුලින්ම බාර් එකක් තුල මාත්‍රා 2ක් භාවිතා වන තාල (2/2/ 2/4 2/8/ 2/16....) වාදනය ඉගෙන ගනිමු. පොඩි හඳුන්වාදීමක් කරන්න ඔන. මේවායේ උඩ තිබෙන්නේ 2 ඉලක්කම. යට තිබෙන්නෙ 2, 4, 8, 16, වැනි අංක. උඩ අංකයෙන් කියවෙන්නේ මාත්‍රා 2. යට අංකයෙන් කියවෙන්නෙ වාදනය සඳහා භාවිතාවන කාල අගය.
- බාර් එකක සම්පූර්ණ කාලය බටහිර සංගීතයේදී කොටස් වලට බෙදනවා. එය මේ ආකාරයට අපිට තේරුම්ගන්න පුළුවන්.
| 1 | ,
|1/2 1/2|,
|1/4 1/4 1/4 1/4| ,
|1/8 1/8 1/8 1/8 1/8 1/8 1/8 1/8| ,
|1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16|,
|1/2 1/2|,
|1/4 1/4 1/4 1/4| ,
|1/8 1/8 1/8 1/8 1/8 1/8 1/8 1/8| ,
|1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16 1/16|,
|1/32.................|
- අපි ඉහත අගයන් භාවිතා කරලා තාල හදාගන්නවා. බාර් එකකට 1/2 ඒවා 2ක් භාවිතා කලොත් අපි 2/2 කියනවා. 1/2 ඒවා 3ක් භාවිතා කලොත් 3/2 කියනවා. 1/4 ඒවා 2ක් භාවිතා කලොත් 2/4 කියනවා. 3ක් භාවිතා කලොත් 3/4 කියනවා. 4ක් භාවිතකලොත් 4/4 කියනවා.1/8 සහ 1/16ත් ඒවග්.. යට අගය තාලයට අදාල නහැ. එය අදාලවන්නෙ කාලය හා වේගය( tempo) සඳහා. උඩ අගය යොදාගන අපි එක් තාලයකට පැටන් රාශියක් හදාගන්නවා. මුලින්ම මම කියාදෙන්න යන්නෙ මාත්‍රා 2 තාල. උදාහරණ ලෙස ජාතික ගීය, යන්න රටවටේ, සීත රෑ වසන්තේ, වගේ ගීතත් එවා අහල නැති අළුත් මල්ලිලාට ෆ්ලෑෂ්බෑක් ගයන අන්තිම සටනේ ගීතයත් හොඳට අහල තාලෙ හඳුනාගන්න පුඅලුවන්.
ලිපිය සකස් කිරීම - ධම්මික අබේසිංහ
No comments:
Post a Comment