Sunday, December 3, 2017

ගී රස වින්දනය 01 - සංගීතය හා රස


මිනිසා මනසින් වැඩෙත්ම, මෙම නාද මාලා ඔස්සේ මනසේ ඇති වන විවිධාකාර රසයන් වර්ග කර දැක්වීමට උනන්දු වීය. එම රසයන් පහත පරිදි ප්‍රධාන කොටස් 9කින් දැක්විය හැක. මේ රසයන්ට “නව නළු රස” යයි කියනු ලැබේ. එසේම මෙම ප්‍රධාන රසයන් එක වී සංකලන රසයන් ද සිතේ උපදී.



1.වීර රසය
පිබිදීමක්, එඩිතර බව, අභිමානයක්, ජයග්‍රාහී බව

2.සාන්ත රසය
තැන්පත් බවක්, පහන් බව, උද්වේගකාරී සිතිවිලි වලින් ඈත් වීම. චිත්ත ඒකාග්‍රතාව

3.කරුණා රසය
කරුණාව, පරාර්ථකාමය, අභයදානය, මමත්වය නොමැති වීම

4.භක්ති රසය
ආගමික භක්තිය ප්‍රධාන කොට දෙවියන් යැදීමේදී ඇතිවන භක්තිය

5.ශෘංගාර රසය
ගැහැනියක සහ පිරිමියෙකු අතර හටගන්නා රාගය මුසු වුනු ප්‍රේමණීය බව, යොවුන් ආදරය

6.හාස්‍ය රසය
සිනහවට, උපහාසයට තුඩු දෙන සිතිවිලි

7.රෞද්‍ර රසය
කෝපාවිෂ්ඨ බව, ආවේගශීලී බව, අප්‍රිය බව සහ නොසන්සුන් බව

8.අද්භූත රසය
තේරුම් ගැනීමට අපහසු බව, කුතුහලය සහ ගුප්ත බව

9.භීබත්ස්‍ය රසය
තැතිගැන්ම, භය සහ ඒ හා ඇතිවන නොසන්සුන් බව, ආවේගශීලී බව සහ චිත්ත ඒකාග්‍රතාව ගිලිහීම


ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර මහත්මා‍

Visit FB Group Post

No comments:

Post a Comment