Sunday, December 3, 2017

ගී රස වින්දනය 02 - සුභාවිත ගීතය යනු...



ඉස්සර අපේ රටේ විවිධ තේමාවන් යටතේ ගීත නිර්මානය වී තියනව...

1. ආගමික
2. දේශාභිමානී
3. උපදේශාත්මක
4. ආදරය සහ විරහව




       මේ අතරින් වර්තමානය වෙනකොට මම දකින විදිහට 100%ක්ම ගීත බිහිවෙන්නෙ ආදරය සහ විරහව ගැනයි. එයිනුත් විරහව ගැන තමයි බහුතර ගීත ගනනක් බිහි වෙන්නෙ. එනමුත් මම දකිනව.... 80 දශකයේ සිට අද මී මොහොත වෙනවිටත් ලංකාවෙ සුභාවිත ගීත කළාවෙ විශාල බිදවැටීමක් සිදුවීගෙන එනව.. මෙම පිරිහීමට පළමුකොට රටේ සියලුම ශ්‍රව්ය සහ දෘශ්ය මාධ්යන් වගකියන්න ඕන. මන්ද යත් මුදලට ඕනෑම කුනුගොඩක් ප්‍රචාරය කිරීමේ පිරිහුන සදාචාරයක් තමයි අද මාධ්ය නාලිකා වලට තියෙන්නෙමම දකින ප්‍රධානම කරුණ එදා සහ අද භාශාව අරන් බැලුවොත් එදා සුභාවිත ගීත රචනා කළ රචකයන් ගෙ භාශාවට වඩා විශාල දුප්පත්කමක්...අද භාශාවෙ මම දකිනව. ගීතය අමතක කරමු මොහොතකට.... ඔබ අපි හැම දෙනෙක්ම චිත්‍ර කතා කියලව තියනව.... චිත්‍ර කතා වලහැම චිත්‍රයකටම යටින් දෙබස් වලට අමතරව.... විවිද හැගීම් ලියල තියනව.... තරහෙන් ඉන්න කෙනෙක්ගෙ රූපයක් නිර්මානය කලොත් යටින් ලියනව,, අහවලාට තරහ ගියා කියල. ඒ වගේ අද නිකන් ලිපෙන් හොද්දක් මාලුවක් බාගන්න විදිහට ගීත හදන අය.. එම ගීත වෙනුවෙන් වීඩියෝවක් ද කරන්න පෙලබෙනව... මොකද ඒ අයට විස්වාස නෑ.. තමන්ගෙ ගීතයෙන්... තමන්ට අවශ්ය පනිවිඩය අසන්නන්ට ලැබේවිද කියල. නමුත් සැබෑ හරවත් ගීතයක වීඩියෝව මැවෙන්නෙ අසන්නන් ගේ මනස තුලයි......

    මොනවා හෝ වචන ටිකක් රිද්මයකට ගලපගෙන ඒකට සංගීතය යෙදුවට ඒක නිකන්ම නිකන් ගීතයක් මිස සුභාවිත ගීතයක් වෙන්නෙ නෑ.. තවදුරටත් අපි ඒ ගැන කතා කරමු. සුභාවිත ගීතයක් වෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න අවශ්යයි.

1. ගේය පද රචනාවක්
2. එහි අරුතට ගැලපෙන සංගීත නිර්මානයක්
3. එම ගීතය සදහා උචිත කටහඩක්(ගායකයෙක් හෝ ගායිකාවක්) 


ගේය පද ගැන අපි මුලින් සලකා බලමු.... සරළව කියුවොත් ගේය පද රචනාවක නියම රසය ලබන්න නම් එය ගයන්නම වෙනව....ගැයීම සදහාම උචිත වූ ගායනයෙන් පමනක් පරිසමාප්තිය දකින අපූර්ව වූ සුභාවිත පද මාලාව ගේය පද ලෙස හදුන්වන්න පුලුවන්... එය අපූර්ව වෙන්න ඕන... එනම් පෙර නොවූ  යන අරුතයි... සුභාවිත යනුවෙන් අදහස් වෙන්නෙ... අසන්නන්ට හොද ආදර්ශයක් දෙනව කියන එකයි...

අවසන් සහ වැදගත්ම කරුණ වන්නේ මෙහි ගායනයයි... ඒ සදහා ඉතාමත් උචිතම කටහඩ ‍තෝරා නොගත්තොත් ගීතය කොතරම් මිහිරි සුභාවිත එකක් උවත් එයින් ඵලක් නැති වෙනව..... පෙර අපේ නිර්මාණ කරපු ශිල්පියො ගත්තොත් ගේයපද රචනා කරපු අය බොහෝ දුරට ඒවා ලියන්නෙ ගීතයට උචිත සංගීත ශිල්පියා සහ ගායන ශිල්පියා තම මනසේ තබාගෙනයි.....

අනෙක් වැදගත්ම කරුණ වන්නේ.. එම සුභාවිත නිර්මාණ කළ අයට මුදල් සෙවීමෙ කිසිදු අදහසක් නොතිබීමයි... හුදෙක් මානසික තෘප්තිය පමනක් උපයමින් ඔවුන් එම අගනා ගීත අපට දායාද කර ඇත.... නමුත් කණගා‍ටුවෙන් වුවත් කිවයිතු දෙය වන්නේ.. අද මා පෙර කී අයුරින්.. ලිපෙන් මාලුවක් බාගන්න ආකාරයට ගීත හදන උදවියට අවශ්ය මුදල් පමනක් නිසා.. ඔවුන්... ඒ වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව පැරණි ගීත ඒවගේ අරුත වෙනස් වන අයුරින් නැවත සකසන්නටත් හරසුන් ගීත එලිදක්වන්නටත් පටන් ගෙන තිබේ.. එයට ඕනෑ තරම් සාක්ශි මුහුනු පොත තුල සහ පොදුවෙ අන්තර්ජාලය තුල ඔබට දකින්න තියනව..

අවසන් වශයෙන් මම මෙහෙම කියන්නම් තවත් වසර ගනනකින් උවත් අපට නැවත නැවතත් අසන්නට ලැබෙන්නෙ 1960 දශකයෙ සිට 80 දශකය අග භාගය තෙක බිහි වූ ගීත පමනක් බව මගෙ විශ්වාසයයි.... ඉන් පසු කාලයෙ අතලොස්සක් පමනයි සුභාවිත නිර්මාණ බිහි වුනේ.... අපි හැම දෙනක්ගෙම වගකීම තමයි දියෙන් කිරි වෙන් කරගන්නව වගේ සුදුසු දේ පමනක් අවබොධයෙන් ග්‍රහයන කරගැනීම.....

ලිපිය සකස් කිරීම - වජිර සුමින්ද මහත්මා‍  

Visit FB Group Post 

No comments:

Post a Comment