Saturday, December 16, 2017

ඩ්‍රම්ස් වාදනය - 01


තාල හඳුනා ගැනීම

මෙහි පහත පලකර ඇති තාල නිවරදිව හඳුනාගන්න. මෙම එක් එක් තාල සඳහා වෙන වෙනම පාඩම් නිර්මාණය කර ඇත. මතක තබාගන්න... තාල සහ පැටන් යනු 2කි. ( එක් තාලයක් සඳහා වාදනය කල හැකි හෝ නොකලහැකි හෝ මෘදුකාන්ග මගින් පමණක් නිර්මාණය කරගත හැකි එකිනෙකට වෙනස් පැටන් ප්‍රමාණයෙහි සීමාවක් නැත. උදාහරණයක් ලෙස එකම තාලයෙන් වාදනය වන {4/4} මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ -දෑස රිදෙනවා පාර බලා ඉඳලා / වීනා බිඟු වීනා / වීදි කොනේ වැනි ගීත සඳහා වෙනස් පැටන් භාවිතා කර ඇත. තාල සඳහා මෙන්ම පැටන් සඳහාද නාමයන් භාවිත වේ. cha cha / salsa / samba/ bosanova / rock/ slow rock/ waltz වැනි ආකර වලින් මේ පැටන් හඳුන්වනවා. අපේ බොහෝ මිතුරන් මේවා පටලවාගන්නවා. ඉදිරි කාලයේ දී අපිට නවීන තාක්ෂණයත් එක්ක සංගීතය භාවිතාකරන්න වෙනවා. එවිට මේ දැනීම අනිවාර්‍ය වෙනවා. මෙවායෙහි නොතේරෙන දේවල් විමසීම සඳහා 0717248854 අමතන්න)
ලිපිය සකස් කිරීම - ධම්මික අබේසිංහ
2017 /11 / 20





No comments:

Post a Comment