Sunday, December 17, 2017

ඩ්‍රම්ස් වාදනය - 03


ඩ්‍රම්ස් භාවිතය ගැන උපදෙස්  

මෙම ඡායාරූප මගින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් කට්ටලයක් සහ සංකීර්ණව සකසාගත් එකොස්ටික් ඩ්‍රම්ස් කට්ටලයකි. ඩ්‍රම්ස් වාදනයේදී උපරිම වශයෙන් තිබියයුතු උපාන්ග සඳහා නීතියක් නැත. ප්‍රවීන වාදකයන් විසින් තම කැමත්ත පරිදි යම් යම් තාල භාණ්ඩ තම ඩ්‍රම්ස් කට්ටලයට එක්කර ගනී. මූලික ඩ්‍රම්ස් වාදන පුහුණුවකදී ඒවා අත්‍යවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ බොහෝ ආධුනිකයන් බොහෝ විට මෙම කරුණනිසා නොමග යන අවස්තාවන් ඇත. ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ඩ්‍රම්ස් වාදකයින් සතු වාද්‍ය භාණ්ඩ හා උපාංග මූලික පුහුණුවීම් වලදී අවශ්‍ය නැත. 2 පාඩමෙහි සඳහන් ඩ්‍රම්ස් කට්ටලය හොඳටම ප්‍රමාණවත් අතර මුලින්ම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් වාදනය පුහුණුවට වඩා එකොස්ටික් ඩ්‍රම්ස් වාදනය වඩා සුදුසු බව මගේ හැඟීමයි. නිශ්පාදකයින් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් උපාන්ග නිපදවා ඇත්තේ එකොස්ටික් ඩ්‍රම්ස් හා සමානව වාදනය කිරීමෙ පහසුකම් සහිතවයි.



ලිපිය සකස් කිරීම - ධම්මික අබේසිංහ






No comments:

Post a Comment