Thursday, December 21, 2017

සංගීත භාණ්ඩයක් පළමුවර ඉගෙනීම

සංගීත භාණ්ඩයක් තෝරා ගැනීම,ප්‍රගුණ කිරීම, භාවිතය තුළින් ‘ඉවසීම‘ ‘සතුට‘ ලඟා කර ගත හැකි පියවර

ඔබ ළමයෙකු හෝ වැඩිහිටියෙකු වුවද පළමු වරට සංගීත භාණ්ඩයක් ඉගෙනීම යනු අමිහිරි සරදමට ලක් වන ක‍්‍රියාවක් විය හැකි. ( මට මතකයි මා මුලින්ම වයලීන් වාදනය ආරම්භ කළ අවධියේ මගේ හිච්චි මාමා ගේ අනේක සරදම් හා උසුළු විසුළු වලට ලක්වූ ආකාරය. ඒ වගේමයි වයලීනය අරන් යනවිට ‘‘ආ...නංගී හිරමනෙත් අරං පොල් ගාන්න යනව වගේ‘‘ කියා මැටිමෝල් අයියණ්ඩිලා මාව කටගැස්මකට ගත් හැටි. )

කෙසේ වෙතත්, ප‍්‍රිතිය හා සංගීතයට වඩා වැඩි යමක් සංගීත භාණ්ඩ වලින් සලසනවා. ඇත්ත වශයෙන්ම සංගීත පසුබිමක් නැතිව අනෙක් විෂයන් ඉගෙනීමට වඩා වාදනය ප්‍රගුණ කිරීමෙන් ඔබට අනෙක් විෂයන් ද ඉගෙනීමට පහසු කරවයි. මෙය එක්තරා විදියකින් ඔබ නොදන්නා අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා වගෙයි. ඒ වගේම ඔබ ගණිතය වැනි විෂයන් සඳහා අතිදක්ෂයක් වීමට ද එබගේ එම දැණුමම උපකාරිවේ. ආරම්භයේදී ඔබේ දෙසවනට වඩාත්ම ප‍්‍රිය උපදනව සංගීත භාණ්ඩයක් තෝරා ගත යුතු අතර හැකිතාක් එය අධ්‍යනය කරන්න. ඔබ ඉගෙන ගන්නා සරළ පාඩම් වල සිට බැරෑරුම් සංගීත ශිල්ප ක්‍රම දක්වාම මෙන්ම සෑම සංගීත ක්‍රමවේදයක් පිළිබඳ වු නැඹුරුතාව සහ සංගීත භාණ්ඩය උදෙසා ඔබ දක්වන කැපවීම මත ඔබව අති දක්ෂයකු බවටපත්කරනවා.

ශ‍්‍රී ලංකාවේ දි නම්........

පළමුව ලූහුඩුදැන්වීම් හරහා ඔබ කැමති සංගීත භාණ්ඩය තොරා ගැනීමට බලද්දී, මේ රට සහ කලාපය තුල සාමුහික පිළිගැනීම් පිළිබඳ බලපෑමක් ඇති බව ඔබට දක්නට පිළිවන.(පෙරදිග තූර්ය භාණ්ඩ වලට විෂේශ නැඹුරුතාවක් තිබීමයි මෙයින් අදහස් කළේ) ඈත ඉතිහාසයේදී යුරෝපීයන් පළාත් බදව වැසියන් පදිංචි කිරිමේදී පවා ඔවුන්ගේ සංගීත සංස්කෘතින් හා විශේෂයෙන් ගිටාර් ද ඒ සමඟම ගෙන ආබව සඳහන් වෙනවා. අප‍්‍රිකාව සමඟ වෙළඳ කටයුතු කිරිමේදී සහ ඉන්දියාව අසලදීත් ඔවුන්ගේ එම ජන සංගීතය හා වෙනත් සම්ප‍්‍රදායික සංගීතයන් වල දැකීමටතිබුණු බලපෑමහොඳින් හඳුනා ගන්න පුළුවන්. එපමණක් නොව ‘‘රොක් සංගීතය‘‘ පැතිරීයාමේ දි එය තාරුණ්‍යයේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සළකුණ තබා ඇති අන්දම දැකීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් කලාපය තුල නවීන සංගීතය කොතෙකුත් විහිදී පැතිරී තිබුණද තම මුල් මගින් උරුම වු සාම්ප‍්‍රදායික ‘‘බෙර හා ගායනා ක‍්‍රම‘‘තවමත් ශ‍්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලබනවා.
 

බෙර වාදනයෙන් අරඹමු..........

අති සරළ සංගීත භාණ්ඩ අතුරින් ඇරඹුම සඳහා බෙර හොඳ භාණ්ඩයක්. කුඩා අතේ තබා ගෙන වාදනය කළ හැකි බෙර වල සිට රොක් සංගීතයේදී භාවිතා වන ඩ‍්‍රම්ස් දක්වා සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ රිද්මයයි. පටන් ගැන්මේදී සාමාන්‍ය තාලය බෙර වාදනයට ආධුනිකයා ආකර්ෂණයකර තබා ගනියි. ඔබට ඒ සඳහා ආසාව ඇති වූ පසුයි ඔබ නැවත ආරම්භයට පැමිණිය යුතු වන්නේ. ඒ කොහොමද දන්නවද? ඉතාමත්ම අඩු ලයකින් (තාලයකින්) ඔබ වාදනය ප්‍රගුණ කළ යුතුයි. මුලදි අඩු වේගයෙන් වාදනය කරද්දි ඔබට ඈනුම් යාවි,කම්මැළි හිතේවි. ඒ දීර්ඝ වෙලාවක් අඩු ලයෙන් වාදනය කිරීම තුළ ඔබේ අතැඟිළි නිවැරදිව හසරවා ගන්නත්. බලානෙ ඉන්න කෙනෙකුට ඔබේ දෑත් චලනය අලංකාරවත් ලෙස පෙන්වන්නත් පුළුවන් වන මූලික අභ්‍යාසය ලැබේවි. වාදන ශිල්පියාත් ප්‍රාසාංගික විය යුතුයි. අද බලන්න සමහර වාදන ශිල්පින්ගේ වාදන ඕනෑ තරම් අහගෙන ඉන්න පුළුවන් වුනත් වාදනය කරනව දැක්ක ගමන් ශිල්පියත් එක්කම එපා වෙනව.ඔහු එම වාදනයේ දී තම අතැඟිළි හසුරුවන්නේ ඉතාම අපහසුවෙන්.ඉතින් මේ සඳහා තමයි අතා අඩු වෙගයෙන් වයන්න ආරම්භ කරන්න කියන්නේ.
මේ අභ්‍යාසයෙන් සිදුවෙන ලොකුම වාසිය තමයි ඔබත් නොදැණුවත්වම ඔබේ ඉවසීම වර්ධනය වීම.
සාම්ප්‍රදායිකව අපි හිතන්න පුරුදු වෙලා ඉන්නෙ වාදනයක් වේගයෙන් කරන්න තමා අමාරුම කියල. මේකට මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ දවස් වල අවුරුදු උතුසව තියනවා නේ. ඒවගෙ තියෙනව ‘‘හිමින් බයිසිකල් ධාවන තරඟය‘‘ කියල තරඟයක. ඒකෙදි ජයග්‍රාහකය වෙන්නෙ අඩුම වේගයෙන් බයිසිකලේ පැදපු කෙනා. එයින් ජයග්‍රහණය කරන්න කොයිතරම් ඉවසීමක් ඕනෙ වෙනවද? නමුත් බයිසිකලේ සමබරතාවය ආරක්ෂා කරගන්න එය ඔහුට තම ජීවිත කාලයට ප්‍රයෝජනවත් වෙනවා.

සබකෝලය...........

ඔබේ නිවසේ අය එකරාශී වනවිට ඔවුන් ඉදිරියේ බෙරය ගෙන විනෝදය සඳහා හැකිනම් රිද්මයානුකූල නර්තනයක් ද සමඟින් වයන්න. සංගීත භාණ්ඩයන්ගෙන් පිරිස අතර ටිකෙන් ටික උද්යෝගය ඇති කරවීම උදෙසා වැයීමෙන් ඔබට පුහුණුවක්ද ලැබේ. අසල්වාසීන් පවත්වන උත්සව සඳහා ඔබේ සහයෝගය ‘‘නොමිලේ‘‘ ලබා දෙන්න. ආරම්භයේ සිට ඔබ මුදල් පසුපස ගියොත් නම් වැඩි කල් යන්න කලින් කැපිල පෙනිම කෙසේ වෙතත් ඔබ පෙනිල කැපෙයි.වෙනස් වෙනස් ශබ්ද උපදවා ගන්න උත්සාහ කරන්න. ගීතයකට හෝ නැටුමකට වැයිමේදී ඔබේ අතට ගෙනන විඩාව යම් තරමකින් මගහැර ගන්න පුළුවන්. 

පියානෝව................

පියානෝව (මේ වෙනුවට පුංචි ඕර්ගනයක් වුවත් කම් නැත) ස්වර වාදනය පටන් ගැන්මට ඇති හොඳම සංගිත භාණ්ඩයයි. එසේ වුවද එය තරමක් සංකිර්ණතාවයක් පෙන්නුම් කරයි. සෑම යතුරක්ම යම් සංගීත ධ්ව්නියක්(නාදයක්) පෙන්නුම් කරයි. මෙහිදී කොළයක සටහන්ව ඇති සංගීතරචනාවක් තේරුම් ගනිමින් අත හුරුකර ගනිමින් පියානෝව ඉගෙන ගැනිමට සිදුවේ. ඒ අපහසු තාවය මඟහැර ගැනීමට එබ නිතරම සිතන්න එම ස්වර ඔබට යම්කිසි කථාන්තරයක් කියා දෙනවා කියා. එවිට ඔබේ වෙහෙස නැති වේවි. ස්වරය ගලපා ඔබ විසින්ම ඔබේ ඇගිලි සෑම යතුරක් මතම තබාවි අපූරුවට.එලෙස ලබන ඔබේ පුහුණුවේදී ඔබ විසින් කොළයක ඇති සංගීතය ඔස්සේ මේ සියලූ ධ්ව්නි ඇති ස්ථාන හොඳින් හඳුනා ගනු ලබාවි. මේ දැණුම ඔබේ හිතේ ධාරණය කරගෙන, තිබේන කොළයක ඇති සංගීතය ධ්ව්නි නිසා ඕනෑම ගීතයක් ඔබට වැයීමට හැකියාව ලැබේනවා. මෙය දිගින් දිගටම ප්‍රගුණ කිරිම මගින් ඔබට ඇසෙන ඔනෑම ගිතයක් ප්‍රස්ථාරයක් නැතිව වුවත් ක්ෂණිකව වයන්න හැකියාව ලැබෙන්නෙ නිරායාසයෙන්මයි.

ගිටාරය ...........

ගිටාරය යනු ද්වාරයක් (දොරක්)වැනි සංගීත භාණ්ඩයක්, ඒ හා සමාන වු අනෙක් තත් භාණ්ඩ වාදනය කිරිමට ඔබට මෙයින් දොරටුව විවර වන නිසයි එසේ පැවසුවේ. උදාහරණයක් වශයෙන් ඔබ ‘‘ඔකෝස්ටික් ගිටාරය‘‘ වාදනය කිරිමට උගනියි, එහි අති දක්ෂයකු වු විට ඔබට එම දැණුම ම උපයෝගී කරගෙන ‘‘බේස් ගිටාරය‘‘, ‘‘ඉලෙක්ටි‍්‍රක් ගිටාරය‘‘වාදනය කිරිමට හැකිය.
 
ඔබේ ගිටාර් දැණුම සමඟ ඔබට පුංචි සංගීත කණ්ඩායමක් වුවත් ඇරඹිය හැක. ඔබ සිතෙහි ඇති සංක්ෂිප්ත තොරතුරු සමඟ ඔබේ මිතුරන්ට උගන්වන්නපටන් ගන්න නිර්ලෝභීව, ඒ සමඟ වෙනස් සංගීත භාණ්ඩ සමඟින් නානප‍්‍රකාර සංගීත භාණ්ඩ නිර්මානය කරන්නත් ඔබට පුළුවන්. ඔබේ වටපිටාවේ පවත්වන සාදයන්ට අදවු කරන්න. මෙහිදීනම් ඔබට පුංචි මුදලක් අය කරන්න අවසර තිබෙනවා.

කුළියට හෝ තාවකාලික භාවිතයට .........

ඔබේ සංගීත කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ පිළිබඳ තිරණය කල විට අළුත්ම සංගීත භාණ්ඩක් පිළිබඳ ඔබ සිහින මවමින් සිටිමට පුළුවන, නමුදු කුළියට හෝ තාවකාලික පාවිච්චිය සඳහා සංගීත භාණ්ඩයක් ගැනීම හොඳ කල්පනාවකි. ඔබ වාදනය කිරිමේදී ඔබට දැනෙන්න ගන්නවා සංගීත භාණ්ඩය ඔබ සඳහා/ඔබේ සංගීත කණ්ඩායම සඳහා සුදුසු වන හෝ නොවන බව. ඒ වගේම එහි හඬ උත්පාදනය වන ආකාරය, භාණ්ඩයේ පිහිටීම, හැඩය, අලුත්වැඩියාව,පරෙස්සම,වැනි කරුණු පිළිබඳව ඔබ සැලකිලිමත් වෙනවා.පසුකාලීනව තමන්ගේම කියා සංගිත භාණ්ඩයක් නඩත්තු කිරීමට ඒ දැණුම ප්‍රෙයා්ජනවත් වෙනවා.

බොහෝ සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වල එම සංගීත භාණ්ඩ කුළියටද දෙනු ලැබේ. හොඳ තත්වයේ සංගීත භාණ්ඩයක් වගකීමක් සහිත මාසික ගාස්තුවකට ලබා ගැනීමට සඳහා වෙළදසැලේ අයිතිකරු සමග කතාබහ කිරිම හොඳම පිළිවෙළයි. එසේ නැතහොත්, තාවිකාලික භාවිතාව සඳහා මිතුරෙකුගෙන් හෝ පවුලේ කෙනෙකුගෙන් ලබා ගන්න. ඔබ කුළියට හෝ තාවකාලික භාවිතාවට ගත්තද සංගීත භාණ්ඩය පරිස්සමි කරන්න. ඔබට සංගීත භාණ්ඩය ප‍්‍රථිස්ථාපනය කිරිමට සිදු වුවහොත් එය තරමක් මිල අධික නිසා එය රැකගන්න.
මින් පසුවයි ඔබ ඔබේම කියා අලුතින්ම සංගිත භාණ්ඩයක් මිලදී ගත යුතු වන්නේ.
ඔබ විසින් සංගීත කණ්ඩායමෙන්ම ඉපයූ මුදල් වලින් අලුත් සංගිත භාණ්ඩය මිලදි ගන්නේ නම් එය ඔබට තවත් වටීවි.එවිට එය ඔබේ පණ මෙන් ආරක්ෂා කරාවි.

පාඩම් ඉගෙන ගන්න.

ඔබේ විශේෂ සංගීත භාණ්ඩය සාමාන්‍ය පරිදි වාදනය කරනවා මෙන්ම එය නුහුරට වාදනය කිරිමෙන් ද ඔබට විනෝදයක් ලබන්න පුළුවන් කියා ඔබ දන්නවාද? එහිදි ඔබ වයන ආකාරය බලා ඔබටම හිනාවෙන්න පුළුවන්. (මෙය එකාකාරි පුහුණු වීමට විවේකයක් ලබා ගැනිමක්) ඒ වගේම සැලකිලිමත්වන්න පාඩම් මගින් එය හොඳින් වාදනය කිරිමට. සංගීතය ක්‍රමවේද ඇසුරින් කායබල වර්ධනය කිරිමෙන් ගුරුවරයෙකු හෝ අත්දැකීම් ඇති මිතුරෙකු විසින් ඔබට සංගීත භාණ්ඩය හැසිරවීම හා වාදනය පිළිබඳ නියමිත ආකාරයට උගන්වාවි. මෙහිදී හොඳ ගුරුවරයෙකු තෝරා ගැනිම ඔබේ වගකිමයි.
 
පාඩම් ඉගෙන ගැනීමට එක් වර මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. එසේ නැතහොත්, ඔබේ වටපිටාවේ සංගීතය ඉගැන්වීමට හැකි, අත්දැකීම් ඇති සංගීතඥයෙකු සිටිදැයි සොයා බලන්න. උද්යෝගීමත් සංගිතඥයන් ආදර්ශමය වශයෙන් ඔවුන්ගේ දැණුම විහිදා අඵත් දක්ෂයන් සමඟ නිර්ලෝභීව බෙදා හදා ගන්නේ සංගීත කර්මාන්තය ශක්තිමත් ලෙස තබා ගැනීමටය.

දිනපතා පුහුණුවන්න.

සතියක් පුරා සංගීත භාණ්ඩය මඟහැර ඔබට නිකම්ම නිකම් පාඩම් ඉගෙන ගෙන පමණක් සිටිය නොහැක. ඕනෑම සංගීත භාණ්ඩයක දක්ෂයකු වීමට පුහුණු වීම හැර අන් මගක් නැත. සංගීත භාණ්ඩයේ නියම දක්ෂයෙකු වීමට නම් දිනකට අඩුම වශයෙන් පැයක්වත් පුරුදු පුහුණු වන්න. ඔබට ගුරුවරයෙකු සිටි නම්, ඔවුන් පුරුදු වීමට නියමිත ප‍්‍රමාණයක් දෙනු ඇත.
 
ඔවුන් කලබලයට පත් නොවෙමින් අනුබල දෙනවා කායබලය සහ උදව් සපයනවා ස්වර මතකයෙන් තබා ගැනීමට හා වර්ධනය කර ගැනිමට. මෙ නිසා ඔබට ලියා දි ඇති සංගීත කණ්ඩ බැලීමට අවශ්‍ය නොවේ, නිදර්ශකයක් වශයෙන් ඔබ අදාළ සංගිත භාණ්ඩයේ ස්වර පිහිටන ස්ථාන හොඳින් දන්නවා නම් ඒවා සංගීත භාණ්ඩයෙන් නිකම්ම වයා අත හුරු කර ගන්න. සති අවසානයේදී ඔබ ගුරුවරයා වෙත යාමේදී එහු දෙන ඔනෑම අභ්‍යාසයක් එක වරම වයන ඔබේ දියුණුව දැක ඔහු /ඇය පුදුමයට පත් වේවි.

උද්යෝගය................

සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වලට ගොස් ඔබ විනොදයට පත් වන සංගීත භාණ්ඩ අතපත ගා බලන්න. එක වරකට එක ගීතයක් හෝ සංගීත කණ්ඩයක් පමණක් ගෙන එය අවම විනාඩි 20ක් වත් එක දිගටම වයන්න. එසේත් නැතිනම් එක දිනක්ම වටින් විට එකම සංගීත කණ්ඩයම වයන්න. අනිවාරයයෙන් ඔබ ප්‍රවීණයෙකු වනු නිසැකයි. සමහර සංගීත කණ්ඩ ලියා ඇති ප්‍රස්ථාර කොළ සම්පුර්ණ සංයුක්ත තැටි සමඟ සම්පාදිත පොත් වශයෙන් ද ඇත. ඇස් පියාගෙන ඒවා අහන්න. ඔබ සුදානම් බව හැඟුණහොත් මෙම සංයුක්ත තැටියත් සමඟම වයන්න. අතර මගදි ඔබ තැටියට පරාද වුනොත් නැවත අසන්න. විශ්වාසය ගොඩනැගුණු පසු නැවත වයන්න. සංයුක්ත තැටි ක‍්‍රියාත්මක කර ඒ සමඟ වැයීමේදී ඔබට දැනේවි සංධවනි වාදක වෘන්දයක් සමග වාදනය කරනා ලෙස.

ප‍්‍රසංගයක් සුදානම්............

ඔබේ දක්ෂතාවන් පෙන්නුම් කිරිමට වාදනය කිරිමට ලැබෙන හොඳ අවස්ථාවකි මෙය. වැඩි පුර පුරුදු පුහුණු වී ගීත හොඳ මට්ටමට ගෙන එමට එමගින් ඔබට ඉලක්කයක් ලබා දෙනු ලැබේ. එමෙන්ම ප‍්‍රසංගයේදී ඔබේ වාදනය තවත් කෙනෙකුට තමන්ගේ ම සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීමට උත්තේජනයක් ද ලබා දිය හැක. මෙමගින් ඔබගේ වටපිටාව සාරවත් කළ හැකි අතර ඉගෙනීමද වඩා ශක්තිමත් කරගන්න පුලුවන්.

ශබ්ධ සමග පරික්ෂණ පවත්වන්න.......

සංගීත භාණ්ඩයක නිපුනයෙක් වීම මගින් ඔබ විසින් ඔබේම ශබ්ද නිර්මානය කර ගිනිමට පෙළඹේ. සංගීත භාණ්ඩය භාවිතා කිරිමට හොඳින් අවබෝධ කරගත් විට, වෙනස් ශබ්දයන් ද අත්හදා බලන්න. ස්වරයන්ට අනුකූලව වෙනස් තත් එකවර එකට වයමින් ගීත සහ සංගීත කණ්ඩ වයා බලන්න.අවශ්‍ය නම් ඔබේ මිතුරෙකුගේ ආධාරය බෙරයක් යොදා යොදා ගන්න. කිසිවෙකු කිසි දින සිතා නැති ශබ්ධයන් සමඟ ඔබ ඉදිරියට ඒවී. සෑම දිනකම නව ප‍්‍රභේදයන්ගේ සංගීතය ගවේශනයට සහ නව සොයා ගැනිම් සිදුකරන්න.මෙවැනි නිර්මාණශිලී හිතුවක්කාරකම් කිරිම තුළින් ඔබ නිරායාසයෙන්ම සංස්කෘතික විප්ලවයේ කොටස්කරුවකු වනු ඇති.

සංගීතය ඉගෙන ගැනීම යනු ජිවිතයටම උදා වන ප‍්‍රයෝජනයකි. ඔබ ප‍්‍රවීණයෙකුසේ සංගිත භාණ්ඩයක් වාදනය කරනවා නම්, ඔබේ දරුවන්ටද එම දක්ෂතාවයේ ඵල නෙලා ගත හැක. ඕනෑම ගුරුවරයෙකුට කතාකර ඔබට ගැලපෙන සංගීත භාණ්ඩය සොයා ගන්න. තාල තරංග භාණ්ඩ, තත් භාණ්ඩ, සහ ලෝහ සංගිත භාණ්ඩ (බ‍්‍රාස්* ඇතුලත්ව ඔබට තෝරා ගැනීමට හැකි වර්ණවත් සම්භාව්‍ය සංගීත භාණ්ඩ මෙන්ම සරළ සංගීත භාණ්ඩ ද බොහෝමයක් ඇත. ඔබේ ජිවිතය උසස් කර ගැනීමට අදම සංගිත භාණ්ඩයක් අත්හදා බලන්න.

අන් කිසිවකටත් වඩා අනාගතයේදි ඔබට මුහුණ දීමට සිදු වන සංකීරණ ජිවිත අවස්ථාවන්හිදී නොසැලී සිටිමට අවශ්‍ය කරන ඉවසීම,දරාගැනීමේ ශක්තිය,උපක්‍රමශීලී භාවය,නිර්මාණශීලීත්වය වැනි අත්‍යවශ්‍ය ජිවිත අවශ්‍යතා වලින් පරිපූර්ණ උතුම් මිනිසෙකු ලෙස සාරවත් මතකයක් ජිවත් වන්නන්ට ලබා දීය හැකිය.

ලිපිය සකස් කිරීම - ශ්‍රීපාලි පට්ටිකාර මහත්මිය

No comments:

Post a Comment