සංගීතයේ දී කාලය මනින කුඩාම මිම්ම/ඒකකය මාත්‍රාවක් ලෙස හැඳින්වේ.
දේශීය සංගීතය ට අනුව මාත්‍රා වර්ග තුනකි.
- ලඝු මාත්‍රා (ලුහු මත් )
- ගුරු මාත්‍රා
- ප්ලුත මාත්‍රා
දැන් මේවා එකිනෙක ගෙන බලමු.
1. ලඝු මාත්‍රා (ලුහු මත්)
කෙටි හෙවත් නොඇදෙන අකුරක් ශබ්ද කිරීමට ගත වන කාලය ලඝු මාත්‍රා එකකි.
*උදා:
ස, ග, ප = ලඝු මාත්‍රා 1යි
*ගීත උදා :
උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක
මෙහි සියලුම මාත්‍රා ලඝු මාත්‍රා ලෙස යෙදී ඇත.
මෙහි සියලුම මාත්‍රා ලඝු මාත්‍රා ලෙස යෙදී ඇත.
2. ගුරු මාත්‍රා
දිගු හෙවත් ඇදෙන අකුරක් ශබ්ද කිරීමට ගත වන කාලය ගුරු මාත්‍රා එකකි. මෙහි වටිනාකම ලඝු මාත්‍රා වලින් 2කි.
*උදා:
සා -, ගා -, පා -, ලෙස ඇදෙන විට මාත්‍රා 2ක කාලය ගත වේ.
එමෙන්ම කෙටි අකුරක් සමග හල් අකුරක් යෙදෙන විට පරව යෙදෙන හල් අකුර තනිව ශබ්ද කළ නොහැකිය. එසේ යෙදෙන විටද මාත්‍රා 2ක කාලය ගත වේ. එවිට එය හල් + අන්ත ගුරු = හලන්ත ගුරුලෙස හැඳින් වේ. මෙහි වටිනාකම ද ලඝු මාත්‍රා වලින් දෙකකි.
*උදා :
ගස්, මල්, බත්. = ගුරු මාත්‍රා 1 ( ලඝු මාත්‍රා 2 )
*ගීත උදා :
ශ්‍රී - ලං - කා - මා - තා -
මෙම ගී පාදයේ සියලුම මාත්‍රා ගුරු මාත්‍රා වේ.
ලං = යන කොටස හලන්ත ගුරු ලෙස ගතයුතු වේ.
ලං = යන කොටස හලන්ත ගුරු ලෙස ගතයුතු වේ.
3. ප්ලුත මාත්‍රා
දිගු අකුරක් සමග හල් අකුරක් යෙදුණු විට එය ප්ලුත මාත්‍රා නම් වේ. මෙහි වටිනාකම ලඝු මාත්‍රා තුනකි.
දිගු අකුරක් සමග හල් අකුරක් යෙදුණු විට එය ප්ලුත මාත්‍රා නම් වේ. මෙහි වටිනාකම ලඝු මාත්‍රා තුනකි.
*උදා :
හාල්, පාන්, මාත් = ප්ලුත මාත්‍රා 1යි. ( ලඝු මාත්‍රා 3යි.)
*ගීත උදා:
1. පාන්දරින් ඉස්කෝලෙ ට
මෙහි "පාන්" යන කොටස
2. කාත් කවුරුවත් නෑ එන්නෙ
මෙහි "කාත්" යන කොටස
මෙහි "කාත්" යන කොටස
3. ශාන්ත මේ රෑ යාමේ
මෙහි "ශාන්" යන කොටස.
මෙහි "ශාන්" යන කොටස.
*උදා.
ශාන්ත මේ රෑ යාමයේ දේ
*මෙහි,
ශාන් = ප්ලුත 1
ත = ලඝු 1
මේ = ගුරු 1
රෑ = ගුරු 1
යා = ගුරු 1
මේ = ගුරු 1
යේ = ගුරු 1
දේ = ගුරු 1
ශාන් = ප්ලුත 1
ත = ලඝු 1
මේ = ගුරු 1
රෑ = ගුරු 1
යා = ගුරු 1
මේ = ගුරු 1
යේ = ගුරු 1
දේ = ගුරු 1
ගොඩක් වැදගත් වුනා👍
ReplyDeleteWell
ReplyDelete