Tuesday, December 19, 2017

Music modes ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය


අපේ සරල සංගීතයේදී modes ආකාරය භාවිතා වන විධිය බලමු
අපි පුරුදු වෙලා ඉන්නේ ගීතයක් major සහ minor scales වලට සීමා කරන්න. ප්‍රායෝගිකව එහෙම කරන්න පුළුවන්. නමුත් major හෝ minor scale එකක note එකක් වෙනස් වූ විගස එම scale එක කුමන හෝ ආකාරයේ mode එකකට යටත් වෙනවා !
උදාහරණයක් ගත්තොත්
G major scale = G A B C D E F# G


G major scale වලින් නිර්මාණය කර ඇති ගීතයක F# ස්වරය F වූ විගස එය C major scale හි 5 වන mode එක වන Mixolydian mode එකට යටත් වෙනවා. නමුත් අපි තාම කියන්නේ “සින්දුව යන්නේ G වල” කියලයි.නමුත් G major scale නම් ස්වර පද්ධතිය G A B C D E F# G ම විය යුතුයි. එය G A B C D E F G වන්නට කොහෙත්ම බැහැ.

මෙසේ වාදනය වන ගීත ඕන තරම් තියනවා. ඇතැම් විට F සහ F# යන ස්වර දෙකම යෙදෙනවා. එවිට සිදු වන්නේ G major scale සහ C major scale හි Mixolydian mode යන ආකාර දෙකම එක විට යෙදීමයි.
මේ සඳහා මිල්ටන් මල්ලවආරච්චි මහතා ගායනය කරන “සුළගේ පාවී” ගීතය විමසා බලන්න.

ඒ කියන්නේ modes යන සිද්ධාන්තය ලංකාවේ සරල සංගීත සමාජය තුල නිවැරදිව ස්ථාන ගත වෙලා නැහැ.
තවද දන්න අය වුවද අනිත් අයගේ නොදැනීම නිසා මෙය සටහන කරන්නේ “සින්දුව යන්නේ G වල” කියලම තමයි. ඒකට හේතුව වෙන්නේ අනිත් අය Mixolydian mode ආකාරයෙන් කිව්වම දන්නේ නැති හේතුව නිසා.
ඒ වගේම මේ mode එකකින් අපිට ගීතයක් නිර්මාණය කරන්න පුළුවන්. එය අපිට scale එකකට අනුගත කර දක්වන්නත් පුළුවන්. modes සඳහා රස භාවයන් නියම කර තියනවා.

තවද දයාරත්න රණතුංග මහතා ගායනය කරන “දුරස් වන්නට මේ ලෙසින්” කියන ගීතය සලකන්න.
අපි සැවොම මේ ගීතය හඳුනාගෙන ඉන්නේ C major scale වල වාදනය වන ගීතයක් ලෙසින්. නමුත් මෙහි B(නි) වෙනුවට යෙදෙන්නේ Bb(කෝමල “නි”) ස්වරය. එවිට මෙය F major scale හි 5 වන mode එක වන Mixolydian mode එකට අනුගත වනවා.

මේ පැහැදිලි කිරීම බටහිර සංගීත සිද්ධාන්ත ඇසුරින්. මෙම ගීතය රාගාශ්‍රිතව නිර්මාණය කල ගීයක්.
තවද “යමන් රාගය” ඇසුරින් නිර්මාණය කල ගීයක් අපි කොහොමද බටහිර සංගීත සිද්ධාන්ත ඇසුරින් විග්‍රහ කරන්නේ ?
යමන් රාගාශ්‍රිත ගීතයක් C major scale වල වාදනය වන බව ඔබ දන්නා කරුණක්.නමුත් එය එසේද ?
යමන් රාගයේ ස්වර ගැන අවධානය යොමු කල විට C D E F# G A B යන ස්වර යෙදෙනවා.
මම මේ කිව්වේ ස්වර ගැන විතරයි. මේ ස්වර රාගය තුල චලනය වන විට විවිධ හැඩතල ගන්නවා .
එතකොට C major scale හි F# ස්වරයක් යෙදෙනවාද ? නැත.
එවිට මෙම ස්වර පද්ධතිය G major scale හි 4 වන mode එක වන Lydian mode එකට අනුගත වේ.
මෙම සිද්ධාන්තය ප්‍රායෝගිකව යෙදෙන ආකාරය ගැන ජනප්‍රිය ගීත තුලින් සොයා බලන්න.
හරිම රසවත් වේවි.

ඔබට ජය හා සතුට . . .. . !

ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර

Visit FB Group Post

No comments:

Post a Comment