Tuesday, December 19, 2017

Modes (මේල)


විවිධ scales වල වෙනස් ප්‍රමාණයේ ස්වර අඩංගු වන බව ඔබ දැනටමත් දන්නා කාරණයක්. උදාහරණයක් ගත්තොත් major scale එකක ස්වර 8ක් අඩංගු වෙනවා.
C major scale ගත් විට මෙය ගොඩනැගී ඇත්තේ C ස්වරය මූලික කරගෙන, ස්වර අනු පිළිවෙල (ABCDEFGA) අනුගමනය කරමින් අනිත් ස්වර C ට ඉදිරියෙන් පෙලගැස්වීමෙනි.

ඒඅනුව,
C major scale = C D E F G A B C
 
අපිට D ස්වරය මුල් කරගෙන මෙම ස්වර පෙළ පිළිවෙලට සකසන්නත් පුළුවන් . එවිට එය C major scale නොවේ.
උදාහරණ D E F G A B C D
 

මෙලෙස ඕනෑම scale එකක ස්වර පන්තිය, එහි එක් එක් ස්වරයන් මුල් කරගෙන ඊට අනුරූපව එම scale එකේ ඉතිරි ස්වර පිළිවෙලකට සැකසීම එම, scale එකේ modes ලෙසින් හඳුන්වනවා.
(බටහිර සංගීත සිද්ධාන්ත තුල modes පිළිබඳව මීට වඩා ගැඹුරු විග්‍රහයක් කර ඇති නමුත්, සරලව තේරුම් ගැනීම සඳහා මෙම විග්‍රහය ප්‍රමාණවත් බව සිතමි)
 
දැන් තව දුරටත් මෙය පැහැදිලි වීම සඳහා C major scale හි modes මොනවාදැයි බලමු.
 
1 – C D E F G A B C
2 – D E F G A B C D
3 - E F G A B C D E
4 - F G A B C D E F
5 – G A B C D E F G
6 – A B C D E F G A
7 – B C D E F G A B
 
ඉහත පරිදි scale එකේ ස්වර 7 ට modes 7 ක් සකසන්න පුළුවන්. බටහිර සංගීතයේ මෙම modes නාමකරණය කර තිබෙනවා. මෙම නම් වලට සිංහල නම් නැති අතර, ආදේශක නම් අනුචිත බැවින්, යොදා ඇති ඉංග්‍රීසි නම් භාවිතා කරමු.

1. Ionian mode - C D E F G A B C
2. Dorian mode - D E F G A B C D
3. Phrygian mode - E F G A B C D E
4. Lydian mode - F G A B C D E F
5. Mixolydian mode - G A B C D E F G
6. Aeolian mode - A B C D E F G A
7. Locrian mode - B C D E F G A B
 
මෙම modes වල ස්වර පිහිටීම අනුව ස්වර දෙකක් අතර interval (ස්වර පරතර) වෙනස් වේ.
 
1.Ionian mode හි ස්වර පරතර අනුපිලිවෙල = major scale හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 2 semitone
2 සහ 3 ස්වර - 2 semitone
3 සහ 4 ස්වර - 1 semitone
4 සහ 5 ස්වර - 2 semitone
5 සහ 6 ස්වර - 2 semitone
6 සහ 7 ස්වර - 2 semitone
7 සහ 8 ස්වර - 1 semitone
 
2.Dorian mode හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 2 semitone
2 සහ 3 ස්වර - 1 semitone
3 සහ 4 ස්වර - 2 semitone
4 සහ 5 ස්වර - 2 semitone
5 සහ 6 ස්වර - 2 semitone
6 සහ 7 ස්වර - 1 semitone
7 සහ 8 ස්වර - 2 semitone
 
3. Phrygian mode හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 1 semitone
2 සහ 3 ස්වර - 2 semitone
3 සහ 4 ස්වර - 2 semitone
4 සහ 5 ස්වර - 2 semitone
5 සහ 6 ස්වර - 1 semitone
6 සහ 7 ස්වර - 2 semitone
7 සහ 8 ස්වර - 2 semitone
 
4. Lydian mode හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 2 semitone
2 සහ 3 ස්වර - 2 semitone
3 සහ 4 ස්වර - 2 semitone
4 සහ 5 ස්වර - 1 semitone
5 සහ 6 ස්වර - 2 semitone
6 සහ 7 ස්වර - 2 semitone
7 සහ 8 ස්වර - 1 semitone
 
5. Mixolydian mode හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 2 semitone
2 සහ 3 ස්වර - 2 semitone
3 සහ 4 ස්වර - 1 semitone
4 සහ 5 ස්වර - 2 semitone
5 සහ 6 ස්වර - 2 semitone
6 සහ 7 ස්වර - 1 semitone
7 සහ 8 ස්වර - 2 semitone
 
6. Aeolian mode හි ස්වර පරතර අනුපිලිවෙල= A minor scale (Natural form)
1 සහ 2 ස්වර - 2 semitone
2 සහ 3 ස්වර - 1 semitone
3 සහ 4 ස්වර - 2 semitone
4 සහ 5 ස්වර - 2 semitone
5 සහ 6 ස්වර - 1 semitone
6 සහ 7 ස්වර - 2 semitone
7 සහ 8 ස්වර - 2 semitone
 
7. Locrian mode හි ස්වර පරතර අනුපිලිවෙල
1 සහ 2 ස්වර - 1 semitone
2 සහ 3 ස්වර - 2 semitone
3 සහ 4 ස්වර - 2 semitone
4 සහ 5 ස්වර - 1 semitone
5 සහ 6 ස්වර - 2 semitone
6 සහ 7 ස්වර - 2 semitone
7 සහ 8 ස්වර - 2 semitone
 
ඕනෑම major scale එකක modes වල ස්වර පරතර අනුපිලිවෙල ඉහත සඳහන් පරිදි වේ.

ඔබට ජය හා සතුට . . .. . !

ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර

No comments:

Post a Comment