Tuesday, December 19, 2017

Beats, Times සහ Rhythm Styles

අපේ යාළුවො බොහෝ දෙනා 2/4, 3 /4, 6/8  . .. ආදී සංකේත වලට “beats” යයි කියනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කලොත් හොඳයි කියල හිතුනා.

මෙම සංකේත බටහිර සංගීතයේ කාලය මැනීම සඳහා යොදාගනී. “beats” කියන්නේ මේ සංකේත වලට නොවන බව කිව යුතුයි. මෙම සංකේත බටහිර සංගීතයේදී හඳුන්වන්නේ time signatures ලෙසිනි. එහි භාවිතය හඳුන්වන්නේ “time” ලෙසින් ය.
උදාහරණයක් ගත් විට :  2/4 time, 12/8 time, 6/4 time . .. ආදී ලෙසින් මෙම time signatures හි ප්‍රායෝගික භාවිතය හඳුන්වයි.

beat යනු “මාත්‍රාවක්” කියන අදහසයි. ඉහත කී time එකක් හැදෙන්නේ beats හෙවත් මාත්‍රා කිහිපයක් එකතු වීමෙනි.
උදාහරණයක් ලෙස 6/8 time   කියන්නේ, 1/8 ක කාලයක් පවතින  මාත්‍රා හෙවත් beats 6 ක ගොනුවක්. මෙම එක ගොනුවකට අපි විභාග 1ක් හෙවත් bar 1ක් යයි කියනවා.

ගීතයකදී මෙවැනි bars  බොහෝ ගණනක් එකතු වී ,එම ගීතයේ කාලය සපුරනවා. ඒ නිසා මතක තියාගත යුතු කරුණ තමයි, beats බොහෝ ගණනක් එකතු වී time එකක් හැදෙන බැවින්, එවැනි time එකකට “beat එකක්” යයි කීම සම්පූර්ණයෙන් වැරදි සහගත බව.

තවද, ඇතැමෙක්,  keyboard එකක Drum style එකක් හඳුන්වන්නට ද “beat” කියන වචනය භාවිතා කරනවා දැකලා තියනවා. නමුත්, එය Drum style එකක් මිස beat එකක් නොවන බවද සඳහන් කල යුතුයි. මෙයට Rhythm style එක කිව්වත් වරදක් නැහැ. 

ඉහතින් සඳහන් කල Times සහ Rhythm styles වෙන් නොවන සේ එකිනෙකට බැඳුනු සිද්ධාන්ත දෙකක්.
ඔබට ජය  . . !
 
ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර

No comments:

Post a Comment