Thursday, December 21, 2017

සංගීත භාණ්ඩයක් පළමුවර ඉගෙනීම

සංගීත භාණ්ඩයක් තෝරා ගැනීම,ප්‍රගුණ කිරීම, භාවිතය තුළින් ‘ඉවසීම‘ ‘සතුට‘ ලඟා කර ගත හැකි පියවර

ඔබ ළමයෙකු හෝ වැඩිහිටියෙකු වුවද පළමු වරට සංගීත භාණ්ඩයක් ඉගෙනීම යනු අමිහිරි සරදමට ලක් වන ක‍්‍රියාවක් විය හැකි. ( මට මතකයි මා මුලින්ම වයලීන් වාදනය ආරම්භ කළ අවධියේ මගේ හිච්චි මාමා ගේ අනේක සරදම් හා උසුළු විසුළු වලට ලක්වූ ආකාරය. ඒ වගේමයි වයලීනය අරන් යනවිට ‘‘ආ...නංගී හිරමනෙත් අරං පොල් ගාන්න යනව වගේ‘‘ කියා මැටිමෝල් අයියණ්ඩිලා මාව කටගැස්මකට ගත් හැටි. )

භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියට සංගීතය (ගායනය) විෂය නිර්දේශ (ප්‍රථමා,මධ්‍යමා,විශාරද 1,විශාරද 2)

පැවැත්වීමට නියමිත භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියට සංගීතය විශයෙන් ඉදිරිපත්වන සිසුන් ගේ ප්‍රයෝජනය සඳහා.....විෂය නිර්දේශ (ප්‍රථමා,මධ්‍යමා,විශාරද 1,විශාරද 2)


භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියට සංගීතය (වාදනය) විෂය නිර්දේශ (ප්‍රථමා,මධ්‍යමා,විශාරද 1,විශාරද 2)

පැවැත්වීමට නියමිත භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියට සංගීතය (වාදනය)විශයෙන් ඉදිරිපත්වන සිසුන් ගේ ප්‍රයෝජනය සඳහා.....


Tuesday, December 19, 2017

Music modes ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය


අපේ සරල සංගීතයේදී modes ආකාරය භාවිතා වන විධිය බලමු
අපි පුරුදු වෙලා ඉන්නේ ගීතයක් major සහ minor scales වලට සීමා කරන්න. ප්‍රායෝගිකව එහෙම කරන්න පුළුවන්. නමුත් major හෝ minor scale එකක note එකක් වෙනස් වූ විගස එම scale එක කුමන හෝ ආකාරයේ mode එකකට යටත් වෙනවා !
උදාහරණයක් ගත්තොත්
G major scale = G A B C D E F# G

Modes (මේල)


විවිධ scales වල වෙනස් ප්‍රමාණයේ ස්වර අඩංගු වන බව ඔබ දැනටමත් දන්නා කාරණයක්. උදාහරණයක් ගත්තොත් major scale එකක ස්වර 8ක් අඩංගු වෙනවා.
C major scale ගත් විට මෙය ගොඩනැගී ඇත්තේ C ස්වරය මූලික කරගෙන, ස්වර අනු පිළිවෙල (ABCDEFGA) අනුගමනය කරමින් අනිත් ස්වර C ට ඉදිරියෙන් පෙලගැස්වීමෙනි.

ඒඅනුව,
C major scale = C D E F G A B C
 
අපිට D ස්වරය මුල් කරගෙන මෙම ස්වර පෙළ පිළිවෙලට සකසන්නත් පුළුවන් . එවිට එය C major scale නොවේ.
උදාහරණ D E F G A B C D