Thursday, December 14, 2017

කටහඬ පාලනයේ මූලික පියවර - 01


උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ විකාති වීමක් නැති මිනිසුන්  සියලු දෙනාටම ‘‘කටහඬක්‘‘ තිබෙනව. අවශ්‍ය වන්නේ එය ප්‍රබල කටහඬක් කර ගැනීමයි. ලස්සන මිහිරි කටහඬක් යනු ඇත්තෙන්ම ප්‍රබල දායාදයක්. ගායකයෙක් විමට යමෙකුට යාන්තමින් හෝ හීනයක් ඇත්නම් එය හසුරුවන ආකාරය පිලිබඳව හොඳ දැණුමක් සමගම පලපුරුද්දක් තිබිය යුතුයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආශ්වාස කිරීම තුළින් වාතය ලබාගැනීම සහ එය  පාලනය කරගැනීමයි මෙහිදී විය යුතු වැදගත්ම දෙය.

දහඅටවන සියවසේ විසූ කාර්ලෝ බ්‍රොස්කි නම් ඔපෙරා ගායකයා එක හුස්මට ස්වර 150ක් ගායනය කළ හැකි කෙනෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබෙනව. මේ තත්ත්වයට එකවරරම ගායකයෙකුට පැමිණිමට අපහසුයි.
මූලිකවම සිදුකිරීමට අවශ්‍ය වන්නේ ශරීරයෙන් ශබ්දය පාලනය කිරීමට ඉගෙන ගැනීමයි.

වර්තමානයේ බොහෝදෙනෙක් සිතන්නේ ගායනා කිරීමේදී උපකාරවත් වන්නේ ‘‘උගුර‘‘ පමණක් කියායි. නමුත් සැබෑ තත්වය ඊට වෙනස්. ගායනා කිරීමේදී ‘‘මුළු ශරීරයම ‘‘ එයට දායක වනවා.ඒ සඳහා  මුළු ශරීරයේ ම ශක්තිය ඔබ දැනුවත්ව හෝ නොදැණුවත්ව වැය වනවා. මේ නිසා මුලින්ම කළ යුතු වන්නේ
‘‘මුළු ශරීරයේම පේශීන් සැහැල්ලුව තබාගැනීම‘‘යි.

බොහෝ අය හිතනව මේ විදියට පේශී ලිහිල්ව තබා ගන්නට ශරීරය බර අඩු විය යුතුයි කියා. එහෙත් ඔබ දන්නා තරමින් කල්පණා කර බලන්න.බටහිර ඔපෙරා ගායකයන් ගැන. සාමාන්‍යෙයන් ඔවුන් තරමක් මහතයි.ඔවුන් ගේ  ගායනයේදී විශාල ශක්තියක් වැය වෙන නිසා ඔවුන් වැඩිපුර ආහාර ගන්නවා.
විසිවන ශතවර්ෂයේ සිටි එක් ප්‍රසිද්ධ ගායිකාවක් වන ‘‘මරියා කැලස්‘‘ මේ ගැටලුවට ප්‍රායෝගිකව මුහුන දුන් අයෙක් ලෙස වාර්තා වෙනව. ඇයට තිබුණලු ඉතාමත් තියුණු කටහඬක් එය තවත් ප්‍රබල කර ගැනීමට නම් ඇගේ ශරීරිය සැහැල්ලු කර ගත යුතු බවට ඇයට උපදෙස් ලැබුනලු.ඒ සඳහා ඇය කර තිබුණේ  අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීම. ඒ නසා  නිසා ඇය පමනක් නොවේ  ඇයගේ කටහඬ ඉතාමත් දුර්වල වුනාලු

වෘත්තීය මට්ටමේ ගායන ශිල්පියෙකුට තමා මුවින් නිකුත් වන ශබ්දය මුලු ශරීයෙන්ම පාලනය කිරීමට ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ,
පහල ස්වර ( මධ්‍ය සප්තකයේ ‘‘ස‘‘ ස්වරයේ සට පහලට) හැකිතාක් පහලට ගැයීමට උත්සාහ කිරීමයි. අවදාරණය කළ යුතුයි මෙය එක්වරම කිරීමට යාම නම් ඉතා අවදානම් සහිත ක්‍රියාවක්. එම නිසා පියවරෙන් පියවර යා යුතුයි. උදාහරනයක් විදියට ඔබට උපරිමව ගායනය කළ හැක්කේ ‘‘මන්ද්‍ර ‘ධ‘ ස්වරය‘‘ වෙනකල් පමණක් කියා හිතමු. ඔබ කළ යුත්තේ ‘‘මද්‍ය ‘ස‘ ස්වරයේ‘‘ සිට සෙමෙන් ස්වරය බැගින් පහළට පැමිණ ‘‘මන්ද්‍ර ධ‘‘ ස්වරයේ නතර වී සිටීම ඔබට හැකි තරම් වෙලාවක්. හැබැයි මෙහිදී ආයාසයෙන් අමාරුවෙන් එම ස්ථානයේ රැඳී නොසිටිය යුතුයි.

ඊළඟ දිනයේ දී තමයි ඔබ ‘‘මන්ද්‍ර ප‘‘ ස්වරය වෙත ගමන් කිරිමට සිතන්න ඕනෙ. ඒ සිතිවිල්ලේ ඉඳගෙන මුලින්ම ඔබ උත්සාහ කරන්න. එය කිරීමට ඔබට අපහසු නම් අමාරුවෙන් ඔබේ සිරුරට වද දෙන්න නම් එපා. ඔබට හැකි උපරිමයේම නැවත රැඳී සිටින්න. ඊළඟ දිනයේ නැවත උත්සාහ කරන්න.

මෙලෙස ඔබට හැකිතරම් පහළට මන්ද්‍ර ස්වර ගැයූ පසු නිකමට මෙන් පහළ සිට ඉහල ස්වර වලට ගයා බලන්න. නිරායාසයෙන්ම ඔබට ‘‘උච්ච ස්වර‘‘ (ඉහළ ස්වර) ගැයීමට හැකි වී තිබේවි. නිකම්ම නෙමෙයි. ඔබට කෙතරම් පහත් ස්වර ප්‍රමාණයක් ගායනා කළ හැකිද? එතරම්ම ඉහළ ස්වර ප්‍රමාණයක්ද ඔබට ගයනු හැකි වේවි.
මෙයට හේතුව ඔබ දන්නවාද?
පහළ ස්වර ගායනා කිරීමේ දි උපකාර වන්නේ ‘‘ළය ප්‍රදේශය‘‘ පෙනහලු, හෘදය වැනි අවයව ත් සමග එක්ව ක්‍රියා කරනව. ඉතින් එම අවයව වලට හොඳ අභ්‍යාසයක් ලැබෙනව පහල ස්වර ගායනයෙන්. නමුත් ඉහළ ස්වර ගායනයේදී උදව් වෙන්නෙ ‘‘හකු ඇටය,මුහුනේ අස්ති‘‘ වැනි දේවල් එම අවයව වලින් හඬ පවත්වා ගැනිමට විනා හඬ සකස් කර ගැනිමට උදව්වක් ලැබෙන්නෙ නැහැ.

අපි නිතර අසා තිබෙනව නේ හුස්ම පාලනයෙන් කියා නිවැරදි ගායනයකට ප්‍රවේශ විය හැකි. ඉතිං හුස්මත් එක්ක නිතර ගනුදෙනු කරන්නෙ ළය ප්‍රදේශය ආශ්‍රිත අවයව. ඒ නිසයි පහළ ස්වර අභ්‍යාස වලට වැඩි ඉඩකඩක් දෙන්න කියන්නෙ.

සංගීත විද්‍යාව ගැන මා ලියන මේ ලිපි පෙළේදි මා නිතර කියූ දෙයක් තමයි‘‘ලොව මෙතෙක් බිහි වූ විශ්ෂ්ඨතම සංගීත භාණ්ඩය ‘‘මිනිස් කටහඬ‘‘ බව. එය සොබාදහමින් අපට ලැබී තිබෙන මිල කළ නොහැකි දායාදයක්.
වෘත්තීය මට්ටමේ  ගායකයෙකු තරම් දක්ෂ ලෙස ගායනය කළ හැකි වන්නේ අපගෙන් කිහිපදෙනෙකුට පමණක් වූවද ‘‘සංගීතය අපේ ජීවිතයේ කොටසක්‘‘. ඔබට හොඳින් ගායනය කළ හැකි වුවත් නැතත් ඔබ සතු කටහඬ නමැති සංගීත භාණ්ඩය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති ඇති.

හිමින් හයියෙන් රහසින් , මේ ආදී කොයි ආකාරයෙන් කතා කළත් ශබ්දය නිකුත් වෙන්නේ ‘‘ස්වරාලයෙන්. ස්වරාලය පිහිටා තිබෙන්නේ උගුරේ මැද ප්‍රදේශයේයි. ස්වරාලය දෙපැත්තේ ස්වර තන්ත්‍ර ලෙස හැඳින්වෙන කුඩා පේශිමය සිවි දෙකක් පිහිටා තිබෙනවා.
මෙයින් ශබ්දය නිකුත් වෙන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් ආශ්වාස කරන විට ස්වර තන්ත්‍ර ළිහිල්ව තිබෙන නිසා ඒවා ශ්වාස නාලයේ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ඒත් ඔබ ගායනා කරන විට වාතය ස්වරාලය තුළින් වැඩියෙන් ගමන් කරන නිසා ශ්වාස නාලය හීනි වන අතර ස්වර තන්ත්‍ර කම්පනය වීම මගින් ශබ්දය නිකුත් වෙනවා.
ස්වර තන්ත්‍ර ඇදෙන තරමට ඒවා වඩාත් වේගයෙන් කම්පනය වෙන නිසා එයින් නිකුත් වන්නේ උච්ච ස්වරයක්. ස්වරාලයට ඇතුල් වෙන වාතය අඩු වන විට ස්වර තන්ත්‍ර ළිහිල් වන අතර ශ්වාසනාලය විශාල වෙනවා. මෙමගින් ඇති වන කම්පනය අඩු වන නිසා එයින් නිකුත් වන්නේ ගැඹුරු කටහඬක්

ලිපිය සකස් කිරීම - ශ්‍රීපාලී පට්ටිකාර

Visit FB Group Post

No comments:

Post a Comment