Monday, December 11, 2017

Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම - 05


පසුගිය පාඩම් පෙලකින් අපි ස්වර 3ක් ඇති chords ගොඩනැගෙන ආකාරය පිළිබඳව කතා කළා.
අද අපි ස්වර 4ක් අඩංගු chords ගොඩනැගෙන ආකාරය අපි සකච්ඡා කරමු.
මේ ආකාරයේ chords බොහෝ ඇතත්, ඉන් කිහිපයක් ගොඩනැගෙන ආකාරය බලමු. අපි අවධානය යොමු කරන, ස්වර 4ක් අඩංගු chords වර්ග පහත සඳහන් වේ.
  1. Sixth chord
  2. Minor Sixth Chord
  3. Dominant Seventh Chord
  4. Major seventh Chord
  5. Minor Seventh Chord
  6. Minor Major Seventh Chord
  7. Diminished Seventh Chord (Minor Sixth Flatted Five chord)
  8. Half Diminished Seventh Chord (Minor Seventh Flatted Five chord)
  9. Augmented Seventh Chord (Seventh Augmented Fifth chord හෝ Seventh Sharp Fifth chord) 
  10. Augmented Major Seventh Chord (Major Seventh Sharp Five chord)

1. Sixth Chord
Major Scale එකක root note එක සමඟින්, major 3rd, perfect 5th සහ Major 6th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ Sixth chord එක නිර්මාණය වේ.

  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් major 6th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 6 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, 3,5 සහ 6 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ Sixth chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Sixth chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ major 2nd interval එකකි (2 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි Sixth chord = C, E, G, A වේ.
මෙම chord එකේ අංකනය ලෙස : 6
උදාහරණ : C sixth = C6

2. Minor Sixth Chord
Major Scale එකක root note එක සමඟින්, minor 3rd, perfect 5th සහ Major 6th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ minor sixth chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් major 6th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 6 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, ♭3,5 සහ 6 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ minor sixth chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, minor sixth chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ major 2nd interval එකකි (2 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි minorsixth chord = C, E♭, G, A වේ.
මෙම chord එකේ අංකනය ලෙස : m6
උදාහරණ : C minor sixth = Cm6

3. Dominant Seventh Chord
Major Scale එකක root note එක සමඟින්, major 3rd, perfect 5th සහ minor 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ Dominant seventh chord එක නිර්මාණය වේ. මෙම chord එක seventh chord යනුවෙන්ද හැඳින්වේ
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් minor 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරය flat වීමෙනි
එනම්, ඕනෑම major scale එකක 1, 3,5 සහ ♭7 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ dominant seventh හෙවත් seventh chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, dominant seventh එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ minorr 3rd interval එකකි එකකි (3 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි dominant seventh chord = C, E, G, B♭ වේ.
මෙම chord එකේ අංකනය ලෙස : 7
උදාහරණ : C dominant seventh = C7

4. Major seventh Chord
Major Scale එකක root note එක සමඟින්, major 3rd, perfect 5th සහ major 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ major seventh chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් major 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, 3,5 සහ 7 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ major seventh chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, major seventh chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි එකකි (4 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි major seventh chord = C, E, G, B වේ.
මෙම chord එකේ අංකනය ලෙස : maj7, M7 හෝ ∆7
උදාහරණ : C major seventh = Cmaj7 , CM7 හෝ C∆7

5. Minor Seventh Chord
Major Scale එකක root note එක සමඟින්, minor 3rd, perfect 5th සහ minor 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ minor seventh chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් minor 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරය flat වීමෙනි.
එනම්, ඕනෑම major scale එකක 1, ♭3,5 සහ b7 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ minor seventh chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, major seventh chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි එකකි (3 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි minor seventh chord = C, E♭, G, B♭ වේ.
මෙම chord එකේ අංකනය ලෙස : m7
උදාහරණ : C minor seventh = Cm7

6. Minor Major Seventh Chord
Major Scale එකක root note එක සමඟින්, minor 3rd, perfect 5th සහ major 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ minor major seventh chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
  • root note සමඟින් major 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, ♭3,5 සහ 7 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ minor major seventh chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, major seventh chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ majorr 3rd interval එකකි එකකි (4 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි minor seventh chord = C, E♭, G, B වේ.
 මෙම chord එකේ අංකනය ලෙස : mmaj7 , mM7 හෝ mΔ7
උදාහරණ : C minor seventh = Cmmaj7 , CmM7 හෝ CmΔ7

7. Diminished Seventh Chord (Minor Sixth Flatted Five)
Major Scale එකක root note එක සමඟින්, minor 3rd, diminished 5th සහ diminished 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ diminished seventh නිර්මාණය වේ.
මෙම chord එක minor sixth flatted five නමින් ද හඳුන්වයි
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් diminished 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් diminished 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරය දෙවරක් flat වීමෙනි. (double flat)
එනම්, ඕනෑම major scale එකක 1, ♭3, ♭5 ♭♭7 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ diminished seventh හෙවත් minor sixth flatted five Chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, diminished seventh හෙවත් minor sixth flatted five chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ ද minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ ද minor 3rd interval එකකි (3 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි minor seventh හෙවත් minor sixth flatted five chord = C, E♭, G♭, B♭♭ වේ.
සාමාන්‍ය අංකනයෙන් සටහන් කල විට (B♭♭ = A බැවින් ) මෙම chord එක = C, E♭, G♭, A වේ.
මෙම chord එකේ අංකනය ලෙස : dim7, o7 හෝ m6♭5
උදාහරණ : C diminished seventh = Cdim7 , Co7 හෝ Cm6♭5

8. Half Diminished Seventh Chord (Minor Seventh Flatted Five)
Major Scale එකක root note එක සමඟින්, minor 3rd, diminished 5th සහ minor 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ half diminished seventh එක නිර්මාණය වේ.
හෙවත් minor seventh flatted five chord
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් diminished 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය flat වීමෙනි.
  • root note සමඟින් minor 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරය flat වීමෙනි.
එනම්, ඕනෑම major scale එකක 1, ♭3, ♭5 ♭7 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ half diminished seventh හෙවත් minor seventh flatted five Chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, half diminished seventh හෙවත් minor seventh flatted five chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේ ද minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි half diminished seventh හෙවත් minor seventh flatted five chord = C, E♭, G♭, B♭ වේ.
මෙම chord එකේ අංකනය ලෙස : ø7 හෝ m7♭5
උදාහරණ : C half diminished seventh හෙවත් C minor seventh flatted five = Cø7 හෝ Cm7♭5

9. Augmented Seventh Chord (Seventh Augmented Fifth chord හෝ Seventh Sharp Fifth chord)
Major Scale එකක root note එක සමඟින්, major 3rd, augmented 5th සහ minor 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, එම major scale හි tonic ස්වරයට අදාළ Augmented Seventh හෝ Seventh Augmented Fifth හෝ Seventh Sharp Fifth chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් augmented 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය sharp වීමෙනි.
  • root note සමඟින් minor 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරය flat වීමෙනි.
එනම්, ඕනෑම major scale එකක 1, 3, ♯5,♭7 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ Augmented Seventh හෝ Seventh Augmented Fifth හෝ Seventh Sharp Fifth chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Augmented Seventh හෝ Seventh Augmented Fifth හෝ Seventh Sharp Fifth chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේද major 3rd interval එකකි (4 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ major 2nd interval එකකි (2 semitones පරතරයකි)

උදාහරණයක් ලෙස C major scale හි,
Augmented Seventh හෝ Seventh Augmented Fifth හෝ Seventh Sharp Fifth chord = C, E, G♯, B♭ වේ.
මෙම chord එකේ අංකනය ලෙස : +7, aug7 හෝ 7♯5
උදාහරණ : Augmented Seventh හෝ Seventh Augmented Fifth හෝ Seventh Sharp Fifth chord= C+7, Caug7 හෝ C7♯5

10. Augmented Major Seventh Chord (Major Seventh Sharp Five)
Major Scale එකක root note එක සමඟින්, major 3rd, augmented 5th සහ major 7th intervals සාදන පරිදි පිහිටි ස්වර 4 එකට සංයෝජනය වූ විට, එම major scale හි tonic ස්වරයට අදාළ Augmented Major Seventh හෝ Major Seventh Sharp Five chord එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් augmented 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය sharp වීමෙනි.
  • root note සමඟින් major 7th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 7 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, 3, ♯5,7 ස්වර එකට සංයෝජනය වූ විට,
එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ Augmented Major Seventh හෝ Major Seventh Sharp Five chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Augmented Major Seventh හෝ Major Seventh Sharp Five chord එකක,
පළමු සහ දෙවන ස්වර අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන සහ තුන්වන ස්වර අතර ඇත්තේද major 3rd interval එකකි (4 semitones පරතරයකි)
තුන්වන සහ හතරවන ස්වර අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි,
Augmented Major Seventh හෝ Major Seventh Sharp Five chord = C, E, G♯, B වේ.
මෙම chord එකේ අංකනය ලෙස : +7, augM7, +Δ7 , M7♯5 හෝ M7+5
උදාහරණ : Augmented Major Seventh හෝ Major Seventh Sharp Five chord = C+7, CaugM7, C+Δ7 , CM7♯5 හෝ CM7+5

ලිපිය ඉදිරිපත් කිරීම - වරුණ බණ්ඩාර මහතා

3 comments:

  1. කාලෙකින් Group එකේ දැක්ක හොඳ විග්‍රහයන් කිරීමක් .. මේ විදියට එකතු කරපු එක හොඳයි. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ආධුනිකයන්ට මේ ලිපි

    ReplyDelete