Monday, December 11, 2017

Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම - 04


Suspended 2nd සහ Suspended 4th යන ස්වර 3 කින් සැදී chords වර්ග, Basic Triads (මූලික ත්‍රික) ලෙසින් බටහිර සංගීත සිද්ධාන්ත තුල ගොනු කර නැති බව පෙනේ. මේ ගැනද අපි සාකච්ඡා කරමු.
 


1. Suspended 2nd chord 


Major Scale එකක root note එක සමඟින්, major 2nd සහ perfect 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ Suspended 2nd chord එක නිර්මාණය වේ.
 

  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 2nd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 2 ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, 2 සහ 5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ Suspended 2nd chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Suspended 2nd chord එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ major 2nd interval එකකි (2 semitones පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ perfect 4th interval එකකි (5 semitones පරතරයකි)
 

උදාහරණයක් ලෙස C major scale හි C Suspended 2nd = C, D, G වේ.
මෙම chord එකේ අංකනය ලෙස : sus2
උදාහරණ : C Suspended 2nd = Csus2


2. Suspended 4th chord 

 
Major Scale එකක root note එක සමඟින්, perfect 4th සහ perfect 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ Suspended 4th chord එක නිර්මාණය වේ.

  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් perfect 4th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 4 ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
එනම්, ඕනෑම major scale එකක 1, 4 සහ 5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ Suspended 4th chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Suspended 4th chord එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ perfect 4th එකකි (5 semitones පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ major 2nd interval එකකි (2 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි Suspended 4th chord = C, F, G වේ.
 

 මෙම chord එකේ අංකනය ලෙස : sus4
උදාහරණ : C Suspended 4th = Csus4


ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර මහතා

No comments:

Post a Comment