Monday, December 11, 2017

Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම - 03


පාඩම - 2 න්, අපි Basic Triads වන, Major Triad සහ Minor Triad බටහිර සංගීතය තුල ගොඩනැගෙන ආකාරය පිළිබඳව කතා කළෙමු, එතැන් සිට ඉතිරිය....



3. Diminished Triad

Major Scale එකක root note එක සමඟින්, minor 3rd සහ diminished 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ diminished triad එක නිර්මාණය වේ.
(මෙම chord එක minor flatted fifth (mb5) ලෙසින් ද හඳුන්වයි)
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 flat වීමෙනි.
  • root note සමඟින් diminished 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය flat වීමෙනි.
එනම්, ඕනෑම major scale එකක 1, b3 සහ b5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ diminished triad chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Diminished Triad එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ ද minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි C diminished triad = C, Eb, Gb වේ.
 මෙම chord එකේ අංකනය ලෙස dim, 0, mb5
උදාහරණ : C diminished tried = C dim, C0, Cmb5
4. Augmented Triad

Major Scale එකක root note එක සමඟින්, major 3rd සහ augmented 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ augmented triad එක නිර්මාණය වේ.
  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 ස්වරයයි.
  • root note සමඟින් augmented 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරය sharp වීමෙනි.
එනම්, ඕනෑම major scale එකක 1, 3 සහ #5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ augmented triad chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Augmented Triad එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitons පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ ද major 3rd interval එකකි (4 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි C augmented triad = C, E, G# වේ.
 මෙම chord එකේ අංකනය ලෙස Aug , +
උදාහරණ : C augmented tried = CAug , C+
බටහිර සංගීතයේ Basic Triads හෙවත් මුලික ත්‍රික ගැන සාකච්ඡා කිරීම මෙම පාඩමින් අවසන් වේ. Basic Triads යනුවෙන් හැඳින්වූයේ ස්වර 3ක් පමණක් සංයෝජනය වීමෙන් සදෙන chords ය.
නමුත් මෙම Basic Triads යටතේ ගොනු කර නොමැති, ස්වර 3ක් පමනම් ඇති chords වර්ග තව ඇති බව පෙනේ. එම chords ගොඩනැගෙන ආකාරය පිළිබඳව අපි, Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම -4න් සාකච්ඡා කරමු.

No comments:

Post a Comment