Monday, December 11, 2017

Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම - 02


පාඩම - 1 න්, අපි chords යනු මොනවාදැයි සහ එයින් උපදින රස භාවයන් ගැන සාකච්ඡා කළෙමු. මෙම පාඩම සහ ඉදිරිපාඩම් පෙලකින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, බටහිර සංගීතය තුල chords ගොඩනැගෙන සිද්ධාන්ත පිළිබඳවයි.

Basic Triads (මූලික ත්‍රික)
මෙසේ ස්වර 3ක් පමණක් සංයෝජනය වී සෑදෙන chords වර්ගය Basic Triads (මූලික ත්‍රික) ලෙසින් හඳුන්වා ඇත.
බටහිර සංගීතයේදී ප්‍රධාන Basic Triads වර්ග 4ක් පැහැදිලි කර ඇත.

1. Major Triad
2. Minor Triad
3. Diminished Triad
4. Augmented Triad






1. Major Triad
 
Major Scale එකක root note එක සමඟින්, major 3rd සහ perfect 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි major triad එක නිර්මාණය වේ.

  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් major 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 වන ස්වරයයි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.
 
එනම්, ඕනෑම major scale එකක 1, 3 සහ 5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ major triad chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Major Triad එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි C major triad = C, E, G වේ. (අපි සාමාන්‍යයෙන් හඳුන්වන C chord එක මෙය වේ)

2. Minor Triad
 
Major Scale එකක root note එක සමඟින්, minor 3rd සහ perfect 5th යන intervals සාදන පරිදි පිහිටි ස්වර 3 එකට සංයෝජනය වූ විට, අදාළ major scale හි tonic ස්වරයට අදාළ minor triad එක නිර්මාණය වේ.
(මෙහිදී විශේෂ යමක් කිව යුතු වේ. ඕනෑම නාමයකින් යුත් chord එකක් විශ්ලේෂණය කරන විට, එය පැහැදිලි කිරීම සඳහා යොදාගනු ලබන්නේ Major Scale එකක් බව මතක තබා ගත යුතුය. මක්නිසාදයත්, intervals විශ්ලේෂණයේදී ද, එම සිද්ධාන්තය පැහැදිලි කිරීමට යොදාගන්නේ Major Scale එකක් බැවිනි)

  • root note යනු අදාළ major scale එකේ පළමු හෙවත් tonic ස්වරයයි.
  • root note සමඟින් minor 3rd interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 3 flat වීමෙනි.
  • root note සමඟින් perfect 5th interval එකක් සාදන්නේ, අදාළ scale එකේ 5 වන ස්වරයයි.

එනම්, ඕනෑම major scale එකක 1, b3 සහ 5 ස්වර එකට සංයෝජනය වූ විට, එම major scale එකේ පළමු හෙවත් tonic ස්වරයට (root note) අදාළ minor triad chord එක ගොඩනැගේ.
තවත් ආකාරයකින් පැහැදිලි කල විට, Minor Triad එකක,
පළමු ස්වරය සහ දෙවන ස්වරය අතර ඇත්තේ minor 3rd interval එකකි (3 semitones පරතරයකි)
දෙවන ස්වරය සහ තුන්වන ස්වරය අතර ඇත්තේ major 3rd interval එකකි (4 semitones පරතරයකි)
උදාහරණයක් ලෙස C major scale හි C minor triad = C, Eb, G වේ. (අපි සාමාන්‍යයෙන් හඳුන්වන Cm chord එක මෙය වේ)
තවත් විධියකින් පැහැදිලි කල විට, ඕනෑම C minor scale එකක 1, 3 සහ 5 ස්වර යනු C,Eb,G ම වේ
(පොදුවේ C minor scale හි ප්‍රධාන chord එක ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වයි. එහි වැරද්දක් නැත.)
මෙහිදී, “ඕනෑම minor scale එකක” යයි කීවේ, Natural, Harmonic සහ Melodic යනුවෙන් minor scales වර්ග 3 ක් ඇති නිසාය.

ලිපිය සකස් කිරීම - වරුණ බණ්ඩාර මහතා

No comments:

Post a Comment